ගෙවි ගිය සතිය

කොළඹ කොටස් වෙළෙඳ පොළ නමගිය ප්‍රමුඛ ආයෝජකයෝ අඛණ්ඩව දිගු නිහැඩිතාවයක් පෙන්වනු මේ වන විට දැකිය හැකි අතර ඒ නිසා කලක් ඔවුන් පසු පස හඹා ගිය සුළු පරිමාණ ආයෝජකයෝද කිසිදු වෙළෙඳ පොළ උත්තේජන පුවත් හා ක්‍රියාකාරිත්වයක් නොමැතිව තවදුරටත් නිසොල්මනේ සිටිනු මේ සතියේත් වැඩි මනක් දක්නට හැකි විය.
 
මෙහිදි වඩාත් විමසිල්ලට ලක් කළ යුතු කාරණාව වන්නේ මේ වෙළෙඳ පොළ නමගිය ආයෝජකයෝ මේ දිනවල මෙසේ දැඩි නිහඩත්වයක් අනුගමනය කරන්නේ ඇයි?ද යන්නයි.එහිදි රන්දොර කළ නිරික්ෂණයේදි ප්‍රත්‍යක්ෂ වුයේ පසුගිය දිනවල නියාමන රේගුලාසි දැඩි කරමින් ගෙන ගිය ක්‍රියා මාර්ග හමුවේ මොවුනගේ ඇතැමෙක් සිතා මතාම වෙළෙඳ පොළින් ඇත්ව සිටින බවයි.
 
එසේම තවදුරටත් වෙළෙඳ පොළේ පවත්නා සාපේක්ෂ ඉහළ පොළි අනුපාතද මේ කෙරෙහි බලපා ඇත.
 
මේ අනුව මහ බැංකුව උත්සාහ ගන්නේ පසුගිය දෙසැමිබර් සිට දෙවතාවකදි පදනම් අංක 75 කින් ස්වකිය ප්‍රතිපත්තිමය පොළිය අඩු කළ පදනමකින් හා ව්‍යවස්ථාමය සංචිත අනුපාත සියයට 8 සිට 6 දක්වා පහළ දැමු වටා පිටාවක තවදුරටත් පොළිය අඩු කිරිමට බැංකු කටයුතු නොකිරිම තුළ කෙසේ හෝ ඒ සදහා පෙළඹුමක් ඇති කර ගැනිමටයි.විශේෂයෙන් රාජ්‍ය අංශය පුද්ගලික අංශයෙන් පසුගිය මාස වල වැඩි වශයෙන් ණය ලබා ගැනිම තුළ පොළි අනුපාත ඉහළ යාමට වැඩි උත්තේජනයක් වෙළෙඳ පොළ ඉල්ලුම් සැපයුම් බලවේග මගින් මේ වන විට ලබා දි තිබිම මෙයට හේතුව වි ඇති බව විචාරක මතයයි.
 
මේ මස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය මෙම 16 දා නිකුත් විමට ඇති අතර එහිදි තවදුරටත් මහ  පොළ පොළි අනුපාත පවත්නා තත්ත්වයේම පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ අනාවැකි පළ කරයි.
 
ඒ අවම වශයෙන් ලබන සැප්තැම්බර් වන තුරුවත් යළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු නොකරන බවට මහ බැංකු අධිපති නිවාඩි කබිරාල් පසුගියදා කර ඇති ප්‍රකාශ හමුවේය.
 
මේ වසරේ මුල් මාස 06 තුළ පුද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රතිශතය සියයට 8.9 දක්වා පහත වැටි ඇති අතරේ මේ වසරේ අවසන එය සියයට 18 වේවි යැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
 
මේ අතරේ ,ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පණත් කෙටුමිපතට සිදු කරන සංශෝධන මේ වන විට අවසන් කර මුදල් අමාත්‍යාංශයේ අධික්ෂණයට යොමු කර ඇති බව දැන ගන්නට ඇති අතර එම සංශෝධන මගින් වෙළෙඳ පොළ නියාමන රේගුලාසි උල්ලංඝනය කරන්නවුනට සිවිල් හා අපරාධ යන ද්විත්ව නීති අනුවම දඩුවම් කළ හැකි පරිදි දැඩි විධි විධාන ගෙන ඒමට කටයුතු කරන බවද සදහන්ය.
 
 
දින සතරක සතිය නිමා කරමින් සියළු ප්‍රධාන දර්ශක අගයන් සෘණාත්මක අගයක් ගතතේය.
 
මෙහිදි හොද ඉපුයුම්,ඉහළ ලාභාංශ හා පහළ යන තෙල් මිලේ බලපැම් හමුවේ පිළිවෙලින් Textured Jersey,ඉන්දියන් ඔයිල් හා ලාෆ් ගෑස් කෙරෙහි ආයෝජන උනන්දුවක් දක්නට විය.
 
සියළු කොටස්  මිළ දර්ශක අගය ඒකක  3.1 කින් පහළ යමින් ඒකක  6,151.9 (-0.1%), ක් වු අතරේ  S&P SL20 දර්ශකය ඒකක  20.4 කින් පහළ යමින් ඒකක  3,470.2 (-0.6%) ක් විය.
 
දර්ශකයේ අගය පහළ යාමට Asian Hotels and Properties (-9.9%WoW), Carson Cumberbatch (-3.6% WoW), National Development Bank (-5.0% WoW), John Keells Holdings (-0.4% WoW) සහ Bukit Darah (-1.1% WoW) ප්‍රධාන වශයෙන් බලපාන ලදි.
 
සතියේ සාමාන්‍ය පිරිවැටුම හා ගනුදෙනු වු කොටස් ගණන  පිළිවෙලින් 43.0% සහ  28.0% කින් පහළ ගියේය. කෙසේවෙතත්,ආයතනගත හා මහ පරිමාණ ආයෝජකයෝ මෙන්ම විදේශ් ආයෝජක උනන්දුවක් සතිය පුරා යමි තරමකින් සක්‍රියව පවතිනු දක්නටද විය.
 
Chevron Lubricants Lanka හි ගිවිසගත් ගනුදෙනු කිහිපයක් රුපියල්  308.5, කට සිදු වනු දක්නට ලද වු අතරේ එහිදි ගනුදෙනු වු කොටස් වල වටිනාකම  රුපියල් මිලියන  284.1කි.
 
ඒ සමගින් John Keells Holdings මිළ රුපියල්  270.0 දක්වා විටෙක ඉහළ යමින් සතිය නිමා කළේ   0.4% කින් පහළ යමින් රුපියල්  265.0.කටය.
 
මේ අතරේ මධ්‍යසාර මිළ ගණන් ඉහළ ගියදා ඒ සදහා වන අනම්‍ය ඉල්ලුම් මැද වැඩි ඉපයුම් හා මේ මස ඉහළ ලාභාංශ මේ මස ප්‍රකාශයට පත් වේ යැයි විශ්වාශයෙන් ප්‍රකට ව්‍යාපාරික හැරි ජයවර්ධනට අයත් Distilleries හි උනන්දුවක් සතිය පුරා දක්නට විය.
 
ගිවිසගත ගනුදෙනු කිහිපයක්ද එහි දක්නට වු අතරේ ඒ අනුව එහි කොටසක අගය 2.6% කින් ඉහළ යමින් රුපියල්  195.10.කට දිනයේ ගනුදෙනු අවසන් කළේය.
 
ස්වකිය තරඟකාරි කිරිපිටි වල වස විෂ මුසු විමේ කතා බහ මැද  Nestle Lanka හැකි උපරිමයෙන් වාසි නෙලා ගනු මේ සතියේ දක්නට වු අනික් සුවිශේෂීතම සිදු විම විය.
 
ඒ අනුව එහි කොටස් 20,000 ක් ගිවිසගත් ගනුදෙනු මගින් හුවමාරු වු යේ සතියේ ඉහළම පිරිවැටුම් දායකත්වය ලබා දෙමිණි.
 
ඉන්දියන් ඔයිල් සමාගමේද ගිවිසුම්ගත ගනුදෙනු සක්‍රිය වනු දක්නට වු අතරේ එම සමාගම රුපියලක ලාභාංශයක් කොටසක් සදහා ප්‍රකාශයට පත් කරනුද දක්නට විය.
 
එහි කොටසක මිළ සියයට 0.8 කින් පහළ යමින් රුපියල් 26.20 කට සතියේ ගනුදෙනු අවසන් කළේය.
 
සතියේ වැඩියෙන්ම ගනුදෙනු වු කොටස් වුයේ මේ වන විට නිල නොවන ආකාරයෙන් ස්වකිය සමාගම් වල බංකොලොත්බව  ප්‍රකාශයට පත් කරමින් කොටසක අගය රුපියලක මටිටමකට වැටි ඇති මොහොමඩ් රිෂාන් ගේ පී.සී හවුස් හා Central Investment and Finance යන සමාගම්ය.
 
ඒ සමගින්  Access Engineering සහ  Textured Jersey වෙතද සුළු හා මහ පරිමාණ ආයෝජක ඇස යොමුවනු දක්නට විය.
 
 
සතියේ විදේශ් ගැණුම් රුපියල් මිලියන 929.7 ක් වු අතරේ විකුණුම්  රුපියල් මිලියන 567.3 ක් විය. වෙළෙඳ පොළ ප්‍රාග්ධනිකරණය රුපියල් බිලියන  2,367.5 ක් විය.වෙළෙඳ පොළ මේ වසරේ මේ වන විට සියයට 9 කින් වර්ධනය වි ඇත.සතියේ  සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 460 ක් විය.
 
 
from 
Agranath Umayanga
Investment Advisor
TKS Securities (PVT) Limited

1 comment:

  1. This is one of the awesome publish. I like blog details. The way you tell the factor is awesome. Please visit Trading Services

    ReplyDelete