Investment

Make your Investment in better way.

Top Rating

Find out top rated selling.

How is Today

Analyzing today status.

Grow

Grow with Professional expertise.

Happyness

Feel your golden investment.

ගෙවි ගිය සතිය

ගෙවි ගිය සතිය ප්‍රධාන වශයෙන්ම ගිවිසගත් ගනුදෙනු මත යැපුන සතියක් වු අතර ඒ නිසා ආයතනගත ආයෝජකයින් හා විදේශ් ආයෝජකයින් සතියේ වෙළෙඳ පොළ පෙරළි කරනු දක්නට විය.මෙහිදි විදේශ විකුණුමි වැඩි වශයෙන් දක්නට හැකි විය.
සුළු පරිමාණ ආයෝජකයින් සතිය පුරාවට නිසොල්මනේ සිටිනු දක්නට වු අතර එහිදි පසුගිය දිනවල කරළියට පැමිණි ණයකර නිකුතු දෙස ඔවුන් වැඩි අවධානයකින් කටයුතු කළ බව තැරුවිකාර විශ්වාශයයි.බද්දෙන් තොර විම මෙම ණය කර වෙත වැඩි ආකර්ශණයක් ලැබිමට හේතු වුවද ඒවායේ අවම දායකත්වයන් ඉහළ රුපියල් අගයකට බොහෝ විට සිමා වි තිබිම නිසා සාමාන්‍ය ආයෝජකයින් ඒවායින් ඈත් කරන්නට ද වු බව මධ්‍යස්ථ විචාරකයෝ පවසති.
සතියේ සක්‍රිය වු සමාගම් අතරේ මහඟුසතු සමාගම් වන  John Keells Holdings,Commercial Bank, Distilleries සහ  Ceylon Tobacco Company ප්‍රධාන වුවද ඒවායේ මිළ ගණන් පහළ අගයක පැවතිණි.
සතියේ වඩාත් කතා බහට ලක් වු ගනුදෙනුව වුයේ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක් විදේශ විදේශ ගිවිසගත් ගනුදෙනුවකින් අයිතියේ හුවමාරු විමයි.තහවුරු නොකල ආරංච් මාර්ග පැවසුවේ ජෝන් කීල්ස් සමාගමේ වත්මන් වැඩිම කොටස් ලාභීයා වන ජෙනස් අරමුදල විසින් මෙම කොටස් මැලේසියානු රජයේ ආයෝජන අංශය වන කසානා වෙත විකුණා දැමු බවයි.
මේ වන විට ජෝන් කීල්ස් සමාගමේ සියයට 10.1 ක කොටස් ප්‍රමානයක් හෙවත් වැඩිම කොටස් ප්‍රමානය ජේනස්  ඕවර්සීස් අරමුදල  (Janus Overseas Fund ) සතුව ඇති අතර  මැලේසියානු රජයේ ආයෝජන ව්‍යුහාත්මක අරමුදල වන Khazanah Nasional Berhad සතුවද සැලකිය යුතු කොටස් ප්‍රමානයක් ඇත.
මෙයට අමතරව සෝලි කැප්ටන් සතුව සියයට 9.6 ක කොටස් ප්‍රමානයක් ඇත.
ඩොලර් මිලියන 640 ක ආයෝජනයකින් ජෝන් කිල්ස් සමාගම, විදේශ ප්‍රාග්ධන ආයෝජනයකින්  කොළඹ කොමිපඤ්ඤවිදියේ එලිෆන්ට් හවුස් අසල  ඉදි කිරිමට යෝජිත තරු පංතියේ හෝටල් සංකීර්ණය සදහා  එළඹෙන සතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම් අස්සන් කරන බව ජෝන් කීල්ස් සමාගම පවසයි.මේ අතරේ මේ සදහා මෙරට කැසිනෝ බලපත්‍රයක් ඇති පාර්ශවයක් හා ඔවුන් එකඟතාවයනට ඒමට අදහස් කර ඇති බවටද දැඩි රාවයක් පසුගිය සතියේ පැතිර ගියේය.
මේ අතරේ,මොහොමඩ් රිෂාන් සභාපතිත්වය දරණ පී.සී හවුස් සමාගමද දැඩි විකුණුමි පිඩනයකට ලක් ව එහි කොටසක  මිළ රුපියල් 1.90-2.00 දක්වා පහත යනු පෙනි ගියේය.
 එහිදි එහි  කොටස් මිලියන 07 ක් පසුගිය සතියේ එහි හිමිකරුවන් විසින් වෙළෙඳ පොළේ විකුණා දැමු බව එන්.ඩි.බි කොටස් තැරුවිකාර සමාගම ට සම්බන්ධ අංශ රන්දොරට තහවුරු කළේය.කෙසේවෙතත්,ඒ කියමන තහවුරු කිරිමට කොටස් වෙළෙඳ පොළ රේගුලාසි අනුව යම්න් මේ දක්වා එයට අදාලව කිසිදු කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් නිකුත් වි නැති අතර තවදුරටත් පී.සී හවුස් සමාගමේ අභ්‍යන්තර ආරංච් මාර්ග පවසන්නේ ණය උගුලක සිරවි සිටින මෙම සමාගම අදාල ණය පියවිම් වෙනුවෙන් මෙම කොටස් විකුණා දමන්නට ඇති බවයි.
නමුත්,රන්දොර මේ පිළිබඳව පී.සී හවුස් අධිපති මොහොමඩ් රිෂාන් ගෙන් කළ විමසිමේදි ඔහු සදහන් කළේ පසුගිය සතියේ තමා ලංකාවේ නොසිටි බැවින් මේ කොටස් විකුණා දැමුවේ කවුද?කියා තමා නොදන්නා බවයි.තමා එලෙස ණය පිඩනයකට හසුව ඇති බවට වන කතාද හෙතෙම ප්‍රතික්ෂේප කළේය.
පසුගිය මාර්තු කාර්තුවේ රුපියල් මිලියන 395 ක පාඩු ලද පී.සී හවුස් සමාගමේ මිලියන 7.5 ක් හෙවත් සියයට 3.3 ක කොටස් අයිතියකට හිමිකම් කියමින් එහි සිවි වැනියට වැඩිම කොටස් කරුවා බවට පත් ව ඇත්තේ මෙරට අතිමහත් පුද්ගලික අංශයේ දහඩිය මහන්සිය මත ගොඩ නැගු දිවයිනේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථීසාධක අරමුදල බව එහි ගිණුමි නිරික්ෂණයේදි අනාවරණය වේ.
මේ මිළදි ගැනිමි සේවක අර්ථීසාධක අරමුදල විසින් මේ වසරේ ජනවාරි-මාර්තු කාලයේ සිදු කර ඇත්තේ පී.සී හවුස් සමාගමේ 2012 දෙසැම්බර් කාර්තුවේ ලාභය රුපියල් මිලියන 9 සිට 2013 මාර්තු  කාලයේ රුපියල් මිලියන 395 ක් දක්වා අලාභ ලබන තත්ත්වයකට පත් වෙමින් තිබියදිය.
මේ අනුව පසුගිය මාර්තු කාර්තුවේ මේ සමාගමේ කොටසක ඉපයුම සෘණ 1.73 දක්වා දැවැන්ත පසුබැස්මකට ලක්ව ඇත.
සේවක අර්ථීසාධක අරමුදල පසුගිය කාලයේ සිදු කළ ආයෝජන ඉතාමත් ආන්දෝලාත්මක වු අතර විශේෂයෙන් ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිළදි ගැනිමට අදාලව මේ වන විට අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්ද කර ඇත.නමුත් අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ මේ දක්වා එයට අදාලව කිසිදු සාක්ෂී කැදවිමක් පවා කර නැති බවයි.
අඩු උනන්දුවක් මත වුවද සුළු පරිමාණ ආයෝජක ඇස පසුගිය ඉරිදා සන්ඩේ ටයිමිස් පුවත් පතේ පළවු පුවතක් නිසා  Nanda Investments and Finance වෙත සතිය පුරා යොමුව තිබුණි. එම පුවත් පත වාර්තා කළේ එහි අයිතියේ වෙනසක් ළඟදිම සිදු වන බවයි.නව සාමාන්‍යාධිකාරිවරයෙකුද මේ සතියේ නන්ද මුදල් සමාගමට එක් විය.ඒ සමගින්  Kelsey Developments , MTD Walkers හා ගෙවුන සිකුරාදා පීපල්ස් ලීසිං වෙතද ආයෝජක උනන්දුවක් තිබිණි. පීපල්ස් ලීසිං මේ වන විට ස්වකීය අරමුදල් අවශ්‍යතා තර කර ගැනිම සදහා දැඩි වෙහෙසකර ගමනකට අවතීර්ණ වි ඇත.
අසංග සෙනවිරත්න මහතා  මුළිකත්වය දෙන Anilana Hotels & Properties (AHAPL) හි මුළික කොටස් නිකුතුව මුල් අදියරේ සාර්ථකත්වයක් ලබමින් රුපියල් 486,565,200ක් රැස් කර අවසන් වු බවද සමාගම නිවේදනය කළේය.කෙසේවෙතත්,සමාගමේ අරමුණ වුයේ මේ නිකුතුව හරහා රුපියල් මිලියන 960 ක් රැස් කර එහි වත්මනෙහි පවත්නා ණය බරද ලිහිල් කරවා ගැනිමටයි.නමුත් පවත්නා තත්ත්වය අනුව ඒ ඉලක්ක මේ වන විට සපුරා ගැනිමට සමාගම අපොහොසත් වි ඇත.මෙම නිකුතුව පිළිබඳව තැරුවිකාර හා ආයෝජන ප්‍රජාව අතරේ එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් නොතිබිම මෙම අසාර්ථක බවට හේතු වු බව විචාරක මතයයි. 
මෙම අසංග සෙනවිරත්නට අයත් නේෂන් ලංකා මුදල් සමාගමේ කොටස්ද මේ වන විට දරුණු බිද වැටිමකට ලක්ව ඇති අතර ඒ අනුව පසුගිය සිකුරාදා එහි කොටසක මිළ රුපියල් 9.30 දක්වා පහළ වැටි තිබුනේ එහි තැන්පතු රැස් කරවා ගැනිමට දැඩි මාධ්‍ය ප්‍රචාරයක් දි ඇති පසුබිමකය.
මේ වන විට මෙම සමාගම පැරණි සෙලින්කෝ මුදල් සමාගම ලෙස පැවති සමයේ රැස් කල තැන්පතු වලින් රුපියල් මිලියන 420 ක් නිශ්ඡන්ද කොටස් බවට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව හා සමාගමේ පාර්ශවයන්ද රන්දොරට සහතික කර ඇත.මේ වන විට RAM ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම විසින් මෙම සමාගම වෙ ලබා දි ඇත්තේ ඉහළ ණය පැහැර හැරිමේ අවධානමක් ඇති ආයෝජන නොවන කාණ්ඩයේ C- ඉහළ අවධානම් ණය ශ්‍රේණියකි.
මෙහි කොටස් බලපත්‍ර කොටස් බවට පත් කිරිමේ අවසන් දිනය ජුලි 01 දා වන නමුත් එහිදි කොටසක් බවට පත් කිරිමට ගෙවිය යුතු මිළ වන්නේ රුපියල් 12 කි.නමුත් මේ වන විට ඊට වඩා අඩු මිළකට කොටස් වෙළෙඳ පොළේ  එහි කොටසක් මිළදි ගැනිමට අවස්ථාව ඇති විටෙක් ඉදිරි සති දෙක අතුළත මෙලෙස රුපියල් 12 ක් ගෙවා තම කොටස් බලපත්‍ර කොටස් බවට පත් කිරිමට කටයුතු කරන්නේ කවර ආයෝජකයින්දැයි විශ්ලේෂකයෝ ප්‍රශ්ණ කරති.
මේ නිසා ප්‍රාතිහාර්යකින් ඉදිරි දින කිහිපය තුල අවම වශයෙන් එහි කොටසක මිළ රුපියල් 12 ඉක්මවා මිළ නියම වන වටාපිටාවකදි හැර මේ කොටස් බලපත්‍ර කොටස් බවට පරිවර්තනය කර සමාගම රැස් කිරිමට අපේක්ෂා කළ අමතර ප්‍රාග්ධනය රැස් කිරිම මේ වන විට දැඩි අභීයෝගයක්ව පවති.
මේ අතරේ ඉදිරි සතියේ පැවැත්විමට නියමිත කොළඹ කොටස් වෙළෙඳ පොළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමේදි අසංග සෙනෙවිරත්න මහතා නේෂන් ලංකා කොටස් තැරුවිකාර සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලයටද පත් විමට නියමිත බව මාධ්‍ය වාර්තා කියයි.
මෙවැනි පසුබිමක නේෂන් ලංකා හා Anilana Hotels & Properties කොටස් දෙස ඉදිරියේදි වෙළෙඳ පොළ ආයෝජකයින් දැඩි අවධානයකින් කටයුතු කරනු ඇතැයි විචාරකයෝ පවසති.
රුපියලේ වැටිම
ගෙවිගිය සිකුරාදා ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි පහළ වැටෙනු පෙනි ගියේය.කොටස් වෙළෙඳ පොළ මත රැදුණ ඩොලර් ඉල්ලුම අනුව රුපියල මෙලෙස සිකුරාදා උදැසන පහළ ගිය මුත් අපනයනකරුවන් ඩොලර් විකිණිම හමුවේ ඒ තත්ත්වය පසුව තරමක් සමනය වු බව මුදල් වෙළෙදුන් ප්‍රකාශ කර සිටියහ.
මේ අනුව සිකුරාදා උදැසන ඩොලරයක අගය රුපියල්  129.00/10 දක්වා දෙසැමිබර් 04 දායින් පසු පහළම අගයට පසු බැස්සද පසුව එය රපියල්  128.90/95, මටිටමක ස්ථාවර වුයේ පෙර දනට සාපේක්ෂව සියයට 0.4 කින් පහළ යමිණි.
තවදුරටත් රුපියල බිද වැටිමේ ප්‍රවනතාවයක් ඇතැයි කියන මෙම වෙළෙදුන් මෙහිදි විදේශ කොටස්  වෙළෙඳ පොළ ආයෝජකයින් කල් තබා ඩොලර් වෙන් කර තබා ගැනිම මෙයට හේතුව බවද පවසති.එසේම විදේශ ආයෝජකයින් නැගිගෙන එන ආර්ථීකයන්හි ධනාත්මක ප්‍රවනතා මත දේශිය සුරැකුමිපත් වෙළෙඳ පොළ ආයෝජනද යමි තරමකින් ඉවත් කරගෙන යන ප්‍රවනතාවයක් මතුව ඇති බවද  ඔවුහු පවසති.
මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳ පොළට මැදිහත් විමෙන් පසුගිය වසරේ ඉවත් විමත් සමගම රුපියලේ අගය ඒ වසරේ සියයට 10.7 කින් බිද වැටෙද්දි මේ වසරේ මේ දක්වා එය සියයට 1.1 කින්  රුපියල ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව බිද  වැටි ඇත.



Agranath Umayanga
Investment officer
TKS Securities (PVT) Limited
Level 19, East Tower, World Trade Center, Colombo 01, Sri Lanka.
Telephone +94 117 857 792 | Mobile +94 715915152| Fax +94 117 857 857