Stock Exchange Statistics

*කොටස් වෙළෙඳපොළ අද දවස - උච්ඡාවචනයන් බහුල දිනයක්, වැවිලි සමාගම් නගී*

 අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 8.1 ඉහළ යාමක් සමස්ත කොටස් මිල දර්ශක අගය අනුව දක්නට ලැබිණ. දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය කියැවුණේ ඒකක 5910.07 ක් ලෙසිනි. කෙසේ වෙතත් දිනය තුළ දී මිලංක මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 23.75 කින් පහළ ගොස් තිබුණි. එහි අගය ඒකක 5,534.31 ක් විය. දෛනික වෙළෙපොළ පිරිවැටුම රු. බිලියන 1.364 කි. දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතර අවීවා NDB රක්ෂණ සමාගම කැපී පෙනුණි. ඊයේ දිනය අවසානයේ දී රු. 316.90 ක් ලෙසින් වාර්තා වුණු අවීවා NDB කොටසක මිල අද දිනයේ දී රු. 369.60 දක්වා රු. 52.70 ක දැවැන්ත මිල ඉහළ යාමක් සටහන් කර තිබුණි. අද දිනය තුළ දී වැවිලි කර්මාන්ත අංශයේ සමාගම් රැසකම කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම විශේෂ සිද්ධියක් ලෙස දැකිය හැකිවිය. මිල ඉහළ ගිය වැවිලි සමාගම් වූයේ බලංගොඩ, බොගවන්තලාව, ඇල්පිටිය, හපුගස්තැන්න, හොරණ, කෑගල්ල, කැලණිවැලි, මැඩොල්සිම, මල්වත්ත, මස්කෙළිය, මෙට්රොතපොලිටන් රිසෝසස්, නමුණුකුල, තලවාකැලේ, උඩුපුස්සැල්ලාව හා වටවල යන වැවිලි සමාගම්ය. පෙර දිනය හා සැසඳීමේ මෙම අංශයේ කොටස් මිල පහළ ගොස් තිබුණේ කොටගල වැවිලි සමාගමේ පමණි.

2 comments:

  1. I read each line of article, well informed about stock exchange. Looking for more useful post and really appreciate for this wonderful work. Can you provide MCX HNI Tips service.

    ReplyDelete
  2. Stock Market News, Daily Reports, Live Calls Thanks for your knowledgeable post. We can get many benefits it.

    ReplyDelete