*කොටස් වෙළෙඳපොළ අද දවස - උච්ඡාවචනයන් බහුල දිනයක්, වැවිලි සමාගම් නගී*
අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 8.1 ඉහළ යාමක් සමස්ත කොටස් මිල දර්ශක අගය අනුව දක්නට ලැබිණ. දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය කියැවුණේ ඒකක 5910.07 ක් ලෙසිනි. කෙසේ වෙතත් දිනය තුළ දී මිලංක මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 23.75 කින් පහළ ගොස් තිබුණි. එහි අගය ඒකක 5,534.31 ක් විය. දෛනික වෙළෙපොළ පිරිවැටුම රු. බිලියන 1.364 කි.
දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතර අවීවා NDB රක්ෂණ සමාගම කැපී පෙනුණි. ඊයේ දිනය අවසානයේ දී රු. 316.90 ක් ලෙසින්...